ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනාව

1.

(i) (ආ) වගන්තියට යටත්ව, පළාත් සභා ලැයිස්තුව I යටතේ ඇති බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම. මධ්‍යම රජය විසින් රඳවාගෙන සිටින I ලැයිස්තුව යටතේ ඇති සියලුම බලතල පළාත් සභා වෙත පැවරෙනු ලැබේ.
(ii) පොලිස් බලතල නව පාර්ලිමේන්තුව තුළ තවදුරටත් සාකච්ඡා කර එකඟතාවකට එළඹීම අවශ්‍ය වේ.
(iii) පක්ෂ නායකයින් විසින් අනුමත කරන ලද III වන ලැයිස්තුවේ කාර්යයන් පළාත් සභා වෙත පවරනු ලැබේ.
(iv) පළාත් සභා විසින් (මධ්‍යම රජය විසින් සකස් කර ක්‍රියාත්මක කරන ලද ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ),
i පාසල් අධ්‍යාපනය
ii වෘත්තීය පුහුණුව
iii නීත්‍යානුකූලව විශ්වවිද්‍යාල මට්ටමට උසස් කළ හැකි උපාධි ප්‍රදානය කරන ආයතන පිහිටුවීම
iv පළාත් සංචාරක ප්‍රවර්ධනය
v කෘෂිකාර්මික නවීකරණය සහ ගොවිපල සේවා සැපයීම,
වැනි දීර්ඝ කාලීනව ළඟා කර ගත හැකි වෙනස්කම් සඳහා වගකිව යුතු වේ.

එකී සම්බන්ධිත නීති,
අ. පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවීම ඇතුළුව ලැයිස්තු අංක 1 අනුකූල අධ්‍යාපන පනත;
ආ. වෘත්තීය අධ්‍යාපනය සඳහා පළාත් මණ්ඩල පිහිටුවීම පිළිබඳ පනතක්;
ඇ. උපාධි ප්‍රදානය කිරීමේ ආයතන පිහිටුවීමට පළාත් සභාවලට බලය පැවරීමේ පනතක්;
ඈ. කෘෂිකාර්මික නවීකරණය සහ ගොවියා මූලික කරගත් බිම් මට්ටමේ කෘෂිකාර්මික සේවාවන් සිදු කිරීමට පළාත් සභා බලගැන්වීමේ පනතක්;
ඊ. ප්‍රාදේශිය සංචාරක කමිටු පත් කිරීමේ බලය සහිත පළාත් සංචාරක ප්‍රවර්ධන මණ්ඩල පිහිටුවීමේ පනතක්.

(v)  ප්‍රතිලාභීන් ඉලක්ක කරගත් සේවා සැපයීම සඳහා පළාත් සභා වගකිව යුතුය.

(Vi) දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හත් දෙනා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව සහ එකඟතාවකට එළඹීම.

(vii) 1990 අංක 46 දරන කාර්මික ප්‍රවර්ධන පනතේ පළමු උපලේඛනය පහත පරිදි සංශෝධනය කිරීම.
(i) අයිතමය (2) ඉවත් කිරීම
(ii) අයිතමය (3) ඉවත් කිරීම
(iii) අයිතමය (8) ඉවත් කර පහත සඳහන් පරිදි ආදේශ කරන්න
"(8) වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවන ඕනෑම කර්මාන්තයක්."
(viii) පාර්ලිමේන්තු පනතක් මගින් පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවීම.
(ix) 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමින් අනවශ්‍ය පොදු කාර්ය භාරයන් සහිත සමාන්තර පරිපාලන දෙකක් ඇති වී තිබේ. එබැවින් මෙම ව්‍යුහය සරල කිරීම අවශ්‍යය. පාර්ලිමේන්තු පනතක් මගින්,  
අ. දිස්ත්‍රික්කයේ රජයේ සහ පළාත් සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම,
ආ. බහුමාන දරිද්‍රතාවය අවම කිරීම,
ඇ. ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සහ
ඈ. එවැනි අනෙකුත් නිශ්චිත කාර්යයන්
සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා ස්ථාපිත කෙරේ.

2. පාර්ලිමේන්තුව සහ පළාත් සභාව විසින් පළාත් පාලන ආයතන වෙත වැඩි බලතල සහ කාර්යයන් පැවරිය හැක.

3. නව පාර්ලිමේන්තුව හරහා ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සහ ජාතික ඉඩම් ප්‍රතිපත්ති පනත බලාත්මක කිරීම.

4. ජන සභා පනත සම්මත කිරීම.

5. පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත 2 වැනි සභාවක් පිහිටුවීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් පළාත් සභාවලට පැවරී ඇති බලතල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම සභාව විසින් අධීක්‍ෂණය කරනු ඇත.

6. 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනතේ අඩංගු මුල් මැතිවරණ ක්රමය යටතේ 2025 දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ.

(i) කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපාදන සහ
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට තරග කිරීමට හැකියාව ලබාදීම.

සංහිඳියාව සඳහා යෝජනා

1. සත්ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභා පනත බලාත්මක කිරීම.
2. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් නවාස් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කිරීම.
3. ස්වයං රැකියාවල නියුතු පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සඳහා ආර්ථික ආධාර ලබාදීමේ වැඩසටහනක්.

Read more