TNA නායකයින් වන සසිකලා රවිරාජ් සහ කලෛඅමුදන් මාවෙයි සේනාධිරාජා උතුරු පළාත් සංවර්ධනය සහ ආයෝජන වැඩසටහන් පිළිබඳව ජනපති සමඟ සාකච්ඡාවක

• දෙමළ ප්රජාවගේ දිගුකාලීන ගැටලු විසඳීමට ජනපති රනිල්ට ඇති හැකියාව පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා විශ්වාසය පළ කරයි.

උතුරු පළාතේ පුළුල් සංවර්ධන සහ ආයෝජන වැඩසටහන් ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායකයින් වන සසිකලා රවිරාජ් මහත්මිය සහ කලෛඅමුදන් මාවෙයි සේනාධිරාජා මහතා, ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර යාපනයේ ජෙට් වින්ග් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉහළ පෙළේ සාකච්ඡාවක නිරත විය. උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන දීර්ඝකාලීන ආර්ථික සහ යටිතල පහසුකම් ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ කලෛඅමුදන් සේනාධිරාජා මහතා විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයා වන කලෛඅමුදන් සේනාධිරාජා මහතා උතුරේ ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රධාන පෙළේ චරිතයක් වන අතර, උතුරු පළාතේ දිගුකාලීන සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ හැකි ආයෝජන අවස්ථා සහ වැඩසටහන් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.

උතුරු පළාතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, උතුරු පළාතේ තරුණ ප්‍රජාව වෙත නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ උතුරේ දෙමළ ප්‍රජාව මුහුණ දෙන දිගුකාලීන පුළුල් සමාජ හා ආර්ථික ගැටළු කෙරෙහි කඩිනමින් සාධනීය විසඳම් ලබාගැනීම සඳහා එම ගැටළු සසිකලා රවිරාජ් මහත්මිය සහ කලෛඅමුදන් සේනාධිරාජා මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ.

දශක ගනනාවක් පුරා පැවති ගැටුම්වලින් පීඩාවට පත් වීමෙන් පසුව, අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් සිටින උතුරු පළාතට සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම සඳහා මෙම වැඩසටහන්වල තිබෙන වැදගත්කම අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන සසිකලා රවිරාජ් මහත්මිය අවධාරණය කළාය.

උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳ වැඩි වශයෙන් දේශපාලන අවධානය යොමුව තිබෙන අවස්ථාවක මෙම සාකච්ඡාව සිදුව තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් පසුගියදා ඒ මහතාගේ නිවසේදී සිදු විය. එහිදී එළැඹෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට මාවෙයි සේනාධිරාජා මහතා විශ්වාසය පළ කළේය.

Read more