ජනපති ධම්මික පෙරේරා මහතාගේ මාතර ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

අද මාතර දෙනියාය ප්රදේශයේ පැවති “පුළුවන් ශ්රී ලංකා” විජයග්රාහී ජන රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මාතර දිස්ත්රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනය වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීය.

එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි  සිසු දරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ආයතනයේ පරිපාලන අධිකාරිය සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කළ ජනාධිපතිවරයා එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා එම ආයතනයට අවශ්‍ය සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළේය.

එසේම රටේ සෑම ප්‍රදේශයකම මෙවැනි අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගැටබරු විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද, විහාරාධිකාරි පූජ්‍ය විටියල උදිත වන ස්වාමින් වහන්සේලා මෙන්ම අමාත්‍ය කංචන විජේසේකර , ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more