ජනපති සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අතර හමුවක්

• පක්ෂයේ ප්රබලයන් පිරිසක් ජනපතිගේ සහායට එක් වෙති.

මන්නාරමේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට අද (17) එක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවසට ගොස් ඒ මහතා හමු විය.

චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුහු කෙටි කථා බහක නිරත වූහ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සමස්ථ ලංකා තරුණ සංවිධානයේ උප සභාපති නීතිඥ දිනේෂ් මහතා ප්‍රමුඛ, ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවුහු ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

Read more